මොකක්ද මේ?
ඉස්සර නම් කිව්වෙ දෙයියන්ගෙ ලෙඩක් කියල. හැදෙන්නෙ වයිරසයකින්.
බෝ වෙනවද?
හරිම ලේසියෙන් බෝ වෙනවා. ගෙදර කෙනෙක්ට හැදුණොත් අනිත් අය බේරගන්න එක අමාරු වැඩක්!
දෙපාරක් හැදෙන්න පුලුවන්ද?
ගොඩක් වෙලාවට නෑ. ඒක නිසා හැදිච්ච අය බය වෙන්න අවශ්‍ය නෑ.
හැදුනොත්?
හැදිච්ච මුල් දවසෙම බෙහෙත් ගන්න පුලුවන්. ඒකෙන් හොඳ වෙන එක ඉක්මන් වෙනවා වගේම අසාධ්‍ය වෙන්න තියෙන ඉඩ අඩු වෙනවා.
අසාධ්‍ය වෙනවද?
දියවැඩියාව වගේ වෙන අසනීප තියෙන අයට අමාරු වෙන්න පුලුවන්. නියුමෝනියාව, මොළේ උණ වගේ තත්ත්ව එනවා කලාතුරකින්. මරණ නම් වෙන්නෙ ඉතාම කලාතුරකින්.
ගර්භණී කාලෙ හැදෙන එක නම් ප්‍රශ්නයක්. වෛද්‍ය උපදෙස් ගන්නම ඕනෙ.
මට තාම හැදිලා නෑ, මොකද කරන්න පුලුවන්?
එන්නතක් තියෙනවා. දැනට රෝහල් වල නොමිලේ දෙන්නෙ නෑ. පුද්ගලිකව ගන්න පුලුවන්.
එන්නත ගත්තොත් හැදෙන්නෙ නැතිවෙයිද?
90%ක විතර ආරක්ෂාවක් ලැබෙනවා. ඉතුරු 10%ටත් හැදුණොත් ලාවට තමයි හැදෙන්නෙ.
අනිත් අය කෙසේ වෙතත් තාම හැදිලා නැති ඉස්සරහට ගර්භණී වෙන්න හිතාගෙන ඉන්න අය එන්නත ගන්නවනම් හොඳයි!
Comments
Post a Comment