කුණකටුවා


දන්නේ නැති අය අඳුරගන්න, මේ තමයි කුණකටුවා! (පොළොං තෙලිස්සා කියලත් කියනවා)
අඳුරගද්දි ටිකක් පැටලෙන සතෙක්. මේ වගේ අය ගොඩක් ඉන්නවා.
මෙයා උග්‍ර විශ ගණයේ නෑ. හැබැයි නුවර අපිට නම් සර්පයො දෂ්ඨ කරල එන අයගෙන් වැඩි දෙනෙක් එන්නෙ මෙයා හිංද.
ගෙවත්තෙ වැඩ කරද්දි අහුමුලුවල ඉඳල ඇඟිල්ල කන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ.
ඒක නිසා පුලුවන් වෙලාවට ග්ලවුස් එකක් දාගෙන වැඩ කරනවනම් අපි කැමතියි!
කාපු තැන නම් රිදෙනවා. හරියට ප්‍රතිකාර ගත්තෙ නැත්තං ඒ තැන නරක් වෙන්නත් පුලුවන්.
කලාතුරකින් වකුගඩු දුර්වලවීම්, ලේ ගැලීම් වගේ ඒවා වෙනවා. මරණ හරිම අඩුයි.
ප්‍රතිවිශක් පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් හදල තියෙන්න. හැබැයි දැනට භාවිතා කරන්නෙ නෑ. ළඟදීම එයි.
කෑවොත් ඉස්පිරිතාලෙට එන්න. සර්පයා ඕනෙ නෑ.

දවසක් දෙකක් ඉඳල ඉදිමුම අඩු වුණාම ලේ පරීක්ෂණ හොඳයි නම් ගෙදර යන්න පුලුවන්.
තුවාලෙ නරක් වෙනකං ගෙදර නම් ඉන්න එපා!


Comments