අංශභාගය කියලා සාමාන්යෙන් කියන්නෙ එක පාරටම කෙනෙක්ගේ ඇඟේ පැත්තක් පණ නැති වෙලා යන එක. ඒක හදිසියේ වෙන දෙයක්. සමහරවිට පැත්තක්ම පණ නැති නොවුනත්, කට ඇද වීම, කථාව ගොතගැහීම වගේ ලක්ෂණයක් විතරක් ඇති වෙන්න උනත් පුලුවන්.
ඇයි අංශභාගෙ එන්නෙ?
මූලික වශයෙන් අංශභාගයේදි වෙන්න පුලුවන් දේවල් දෙකයි.
මොලේ නහරයක ලේ කැටියකින් අවහිර වීම.
මොලේ තුල ලේ ගැලීමක් සිදුවීම.
මේ දෙක වෙන් කරල අඳුරගන්න පුලුවන් මොළයේ ස්කෑන් පරීක්ෂාවකින් විතරයි.
අංශභාගෙ හැදුණොත් මොකද කරන්න ඕනෙ?
අංශභාගය ගැන දැනගන්න ඕනෙ වැදගත්ම දේ තමයි;
අංශභාගය හැදිල තියෙන්නෙ ලේ කැටියකින් අවහිර වෙලානම්, අපිට බෙහෙත් තියෙනවා ක්ෂණිකව ඒ ලේ කැටිය දිය කරන්න!
එතකොට?
දිය වුණොත් සුලු වේලායකින් මොලේ ලේ ගමන සාමාන්‍ය වෙලා සම්පූර්ණයෙන්ම වුණත් අංශභාගය සුව වෙන්න පුලුවන්! මැජික් වගේ.
වෛද්‍යවරු විදිහට අපිත් හරිම කැමතියි මේ ප්‍රතිකාරය දෙන්න පුලුවන්නම්. ඉඳගන්නවත් බැරුව හිටපු අය ටික වේලාවකින් ඇවිදගෙන යන ගානට හොඳ වෙනකොට අපිටත් සතුටුයි.
මේ බෙහෙත දෙන්න බැරි උණොත් හොඳ වෙන්න සෑහෙන කාලයක් යන්න පුලුවන්. සමහරවිට සදහටම එකතැන් වෙන්න වෙයි.
හැමෝටම දෙන්න පුලුවන්ද?
මේ බෙහෙත දෙන්න පුලුවන් පැය 3-4කට අඩු වේලාවකින් ඒ පහසුකම තියෙන රෝහලකට ගියොත් විතරයි. ඒත් හැමෝටම බෑ. තෝරාගත්ත කොටසකට විතරයි.
මොකක් උනත් හැකි ඉක්මණින් යන එක අත්‍යාවශ්‍යයි. පැය බාගෙකින් යන කෙනාට සුව වෙන්න තියෙන හැකියාව පැය 2කින් යන කෙනාට වඩා ගොඩාක් වැඩියි.
අන්න ඒක නිසා අංශභාගය කියලා හිතුනොත් නාස්ති කරන්න තප්පරයක්වත් නෑ. පුලුවන් තරම් ඉක්මණින් ළඟම තියෙන මහ ඉස්පිරිතාලෙකට (හැම රෝහලේම මේ පහසුකම නෑ) එක්කන් යන්න ඕනෙ.
Comments
Post a Comment