ලංකාවෙ විශඝෝර සර්පයො කීප දෙනෙක්ම ඉන්නවා. නමුත් ගොඩක් වෙලාවට අපිට දෂ්ඨ කරන්නෙ විශ නැති හෝ සුලු වශයෙන් විශ තියෙන සර්පයො.
මොන සර්පයා දෂ්ඨ කළත් අපි කරන්න ඕනෙ දේවල් කීපයක් තියෙනව.
හෝදන්න ඕනෙද?
ඔව්. හැකිතරම් ඉක්මණින් සබන් දාලා ගලායන ජලයෙන් හොඳට හෝදන්න ඕනෙ.
පටියක් ගැටගහන්න ඕනෙද විශ උඩුදුවන්නෙ නැති වෙන්න?
නෑ. එහෙම කරන්න එපා.
එහෙනම්?
හොඳම දේ තමයි ඒ කාපු අත හෝ කකුල හෙලවෙන එක අඩු කරලා හදවත මට්ටමට පහළින් හිටින විදිහට රෝහලට අරන් යන එක.
විශ උරන්න එපාද?
අපෙ අම්මෝ එපා!
ඉක්මණට අරන් යන්න ඕනෙද?
සර්පයා විශඝෝරයි නම්හරි, කාපු සර්පයා දැක්කෙ නැත්තං හරි ඉක්මණට අරන් යන්න. හරි වෙලාවට ප්‍රතිවිශ දුන්නොත් ලෙඩාට අමාරු වෙන්න තියෙන ඉඩ අඩුයි. හොඳටම දන්නවනම් විශ නැති සර්පයෙක් කියල කලබලයක් නෑ.
සර්පයාව ගේන්න ඕනෙද?
අවශ්‍ය නෑ. රෝගියා දිහා බලල අපිට තීරණය කරන්න පුලුවන් විෂඝෝර සර්පයෙක්ද, නැද්ද, ප්‍රතිවිශ දිය යුතුද නැද්ද කියලා. ඒක නිසා සර්පයාව හොයන්නවත්, මරන්නවත් අවශ්‍යතාවයක් ඇත්තේම නෑ.
ගොඩක් වෙලාවට විශඝෝර සර්පයො කෑවත් අපිට පුලුවන් බේරගන්න. හැබැයි දවසක් දෙකක් පරක්කු වෙලා ආවොත් නම් අපිට කරන්න පුලුවන් දේවල් හරිම අඩුයි.
විශඝෝර සර්පයො අඳුනගන්න අනික් ලිපි බලන්න.
Comments
Post a Comment