තිත් පොළඟා

දන්නේ නැති අය අඳුරගන්න මේ තමයි තිත් පොළඟා. අපිට හිතෙන හැටියට ලංකාවෙ ඉන්න විශඝෝරම සර්පයා.
ලස්සන පිළිවෙලට තියෙන තිත් පේළි. V අකුරෙ හැඩේට ඔලුවේ තියෙන සලකුණ. පහසුවෙන් හොයාගන්න පුළුවන්. 


ළං වෙනවනම් පරිස්සමෙන්. කලබල සතෙක්. දශ්ඨ කළොත් ස්නායු දුබලතාවය, ලේ ගැලීම්, වකුගඩු අක්‍රියවීම් වෙනවා.

හැබැයි ප්රතිකාර, ඒ කියන්නෙ ප්‍රතිවිශ රෝහල්වල තියෙනවා. පරක්කු නොවී ආවොත් සම්පූර්ණයෙන් සුව කරන්න පුලුවන්.

පුද්ගලික අත්දැකීම් කිව්වොත්, මම නුවර නිසා වැඩිය රෝගීන් හම්බෙන්නෙ නෑ. 
හැබැයි ගොඩක් පරක්කුවෙලා ආපු දෙදෙනෙක් ඇරෙන්න අනික් ඔක්කොමල සම්පූර්ණයෙන්ම හොඳ උනා.

අමතක කරන්න එපා.
- සබන් දාලා හෝදන්න.
- වැඩිය හෙලවෙන්නෙ නැති විදිහට ඉස්පිරිතාලෙට ගේන්න.
- පුලුවන්තරම් ඉක්මනට. (සර්පයා නෙමෙයි මනුස්සයා!)

සර්පයා ගේන්න චුට්ටක්වත් අවශ්‍ය නෑ. අපිට පුලුවන් රෝග ලක්ෂණ වලින් සර්පයා අඳුරගන්න.



Comments