කරවලා


දන්නේ නැති අය අඳුරගන්න මේ තමයි ලංකාවෙ ඉන්න කරවල්ලු දෙන්නා.

පළවෙනියා මුදු කරවලා, දෙවැනියා තෙල් කරවලා.

විශයිද?
උග්‍ර විෂ. ස්නායු දුර්වලවීම තමයි වෙන්නෙ. 

කොයි වෙලාවටද කන්නෙ?
ගොඩක් වෙලාවට රෑට. කාපු තැන රිදෙන්නෙ නෑ. සමහරවිට ලෙඩා දන්නෙත් නෑ කෑවා කියලා. උදේ ඇහැරෙන්නෙ නැති උනාම තමයි දන්නෙ.

නපුරු සතෙක්ද? පන්න පන්න කනවද?
අපෝ නෑ. බොහොම කලාතුරකින් තමයි කන්නෙ.

අඳුරන්න ලේසිද?
දන්න කෙනෙක්ටනම් පුලුවන්. ගොඩක් වෙලාවට පැටලෙනවා තුන්වෙනි රෑපෙ ඉන්න එක්කෙනා එක්ක. රදනකයා. විශ නෑ. ගොඩක් වෙලාවට කරවලෙක් කියල හිතල මරනවා. අපරාදෙ.

කෑවොත්?
ප්‍රති විශ තියෙනවා. ඉක්මනට අරන් එන්න. 


සර්පයා ඕනෙද?
නෑ. අවශ්‍ය නෑ.

Comments